දේශීය

කොළඹට දුම්රියෙන් පැමිණීමට 2800 ක් ඉල්ලුම්කලත් පැමිණ ඇත්තේ 997 යි

(UTV | කොළඹ) – අද (11) කොළඹ පිහිටි කාර්යාලවල සේවයට දුම්රියෙන් පැමිණිමට පුද්ගලයින් 2800 ක් ඉල්ලුම් කර තිබුණත් දුම්රියෙන් සේවයට පැමිණ ඇත්තේ පුද්ගලයින් 997 ක් පමණක් බව ප්‍රවාහන අමාත්‍යංශය සඳහන් කරයි.

ඉල්ලුම් කළ සියලු පුද්ගලයින් හට ප්‍රවාහණ පහසුකම් සැලසීමට දුම්රිය 47 ක් යොදවා තිබුනත් අදාළ පුද්ගලයින් නොපැමිණිම හේතුවෙන් දුම්රිය 10 ක් පමණක් ධාවනවට යෙදවූ බව එම අමාත්‍යංශය පවසයි.

මීට අමතරව දිවයින පුරා බස් රථ 5200 ක් ධාවනය සඳහා යෙදීමට සැලසුම් කර තිබුනත් ධාවනය කර ඇත්තේ බස් රථ 3200 ක් පමණයි.

මේ අතර, හෙට දිනයේ සියලුම පුද්ගලික බස් රථ ධාවන සමිති සමගි සාකච්ඡාකර ඉදිරියේ දී පුද්ගලික බස් රථ ද මගීන් ප්‍රවාහනය සඳහා යොදා ගැනීමටත් , ඔවුන්ට අවශ්‍ය සහන සැලසීමට අවශ්‍ය නම් ඒ සඳහාත් පියවර ගන්නා බවත් විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරට විනය පරීක්ෂණයක්

Editor O

අණ නොතකා පළාගිය කැබ් රථයකට STF වෙඩි තබයි

Mohamed Dilsad

පී.එස්.එම්.චාල්ස්, මැතිවරණ කොමිෂන් සභාවට

Mohamed Dilsad

Leave a Comment