Trending News

අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩ කටයුතු අරඹයි [PHOTOS]

(UTV | කොළඹ) – සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියළු නිර්දේශවලට අනුකූලව බත්තරමුල්ලේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවා කටයුතු අද (11) ආරම්භ කෙරුණි.

රට තුළ මතු වූ කොරෝනා  වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය මාර්තු 16 වැනිදා සිට රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ සංස්ථා මෙන්ම පෞද්ගලික අංශයේ බොහෝ ආයතන ද තාවකාලිකව වසා දැමුවේය.

එම අමත්‍යාංශය සඳහන් කළේ විෂය භාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගේ උපදෙස් පරිදි ප්‍රමුඛ සේවා අවශ්‍යතා සහිත කැදවීම් කරන ලද සියළු නිලධාරීන් ඒ අනුව සේවයට වාර්තා කළ බවයි.

රජයේ සේවකයින් නැවත සේවයට කැඳවීමේදී අමාත්‍යාංශ විසින් අනුගමනය කළ යුතු බවට සෞඛ්‍ය බලධාරීන් විසින් ලබාදී තිබූ උපදෙස් අනුව අදාළ සෞඛ්‍ය ආරක්ෂිත පහසුකම් සහ උපකරණද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සම්පාදනය කර ඇත.

Related posts

அமெரிக்காவில் இந்திய தாய், மகன் மர்மமான முறையில் மரணம்

Mohamed Dilsad

இந்தோனேஷியா இலங்கைக்கு உதவி!

Mohamed Dilsad

Sri Lankan Rupee hits record low of 170.65

Mohamed Dilsad

Leave a Comment