දේශීය

ජනපති හට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගෙන් ලිපියක්

(UTV | කොළඹ) – හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කොවිඩ් 19 වෛරසය හේතුවෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ අවමංගල්‍ය කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර ඇත.

කොරෝනා වැළඳීමෙන් ජීවිතක්ෂයට පත්වන ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු අඛණ්ඩව ආදාහනය කිරීම හේතුවෙන් මුස්ලිම් ප්‍රජාව දැඩි කනස්සල්ලට පත්ව සිටින බව අදාළ ලිපියෙහි සඳහන්ව තිබේ.

ඒ හේතුවෙන් මෙම මළ සිරුරු ආදාහනය කිරීම සම්බන්ධයෙන් දැනට නිකුත් කර ඇති ගැසට් නිවේදනය සහ උපදෙස් මාලාව සංශෝධනය කිරීමට පියවර ගෙන මළසිරුරු භූමදානය කිරීම සදහා අනුමැතිය ලබාදෙන ලෙස රිෂාඩ් බදියුදීන් මහතා අදාළ ලිපියෙන් ඉල්ලීමක් සිදුකර ඇත.

 

Image may contain: text

Image may contain: text

Related posts

බුස්ස හමුදා කඳවුරෙන් තවත් පුද්ගලයන් 10 ක් පිටත් වෙයි

Mohamed Dilsad

මැතිසබයේ රැස් වන සෑම විනාඩියක් වෙනුවෙන්ම රුපියල් ලක්ෂයක්

Mohamed Dilsad

වැඩිවූ විදුලි බිලට එරෙහි විරෝධය

Mohamed Dilsad

Leave a Comment