දේශීය

තවත් ආසාදිතයන් 5 ක් සුව අතට

(UTV | කොවිඩ් 19) – කොරෝනා ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් 5 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 260ක් දක්වා ඉහළ යයි.

මේ අතර අද දිනයේ මේ දක්වා ආසාදිතයන් 9ක් වාර්තාවී ඇති අතර ඔවුන් සියලු දෙනාම නාවික හමුදා සාමාජිකයන් වෙයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියේ ඊයේ දිනයේදී PCR පරීක්ක්ෂණ 1821 ක් සිදුකර ඇති බවයි. එය මේ දක්වා දිනක් තුල සිදු කළ වැඩිම පරීක්ෂණ සංඛ්‍යාව ද වෙයි.

Related posts

ධීවරයන් මුහුදේ විරෝධතාවක

Mohamed Dilsad

දෙසැම්බර් මාසයේ දී දේශපාලන වෙනසක්…?

Editor O

යන්න ගිහින් ආපසු පැමිණි තුර්කි ගුවන් යානය පිටත්ව යයි…

Editor O

Leave a Comment