දේශීය

කෝටි 4 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් අල්ලයි

(UTV | පුත්තලම) – පුත්තලම කඩමයන්කුලම ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ රුපියල් කෝටි 4 කට අධික වටිනාකමකින් යුතු හෙරොයින් තොගයක් සමග සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පුත්තලම කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකය සමත්ව ඇත.

බුද්ධි අංශ නිළධාරින්ට ලද තොරතුරකට අනුව පොලිස් විශේෂකාර්යාංශයේ නිළධාරින් සහ කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් මෙම වැටලීම සිදුකර තිබේ. 

අත්අඩංගුවට ගත් සැකකරුවන් පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Related posts

හිටපු ඇමති හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට

Editor O

පාසල් ඇරඹීම කල් යන ලකුණු

Mohamed Dilsad

දෙමළ මාධ්‍ය පාසල් කිහිපයකට විශේෂ නිවාඩුවක්

Editor O

Leave a Comment