දේශීය

කෝටි 4 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් අල්ලයි

(UTV | පුත්තලම) – පුත්තලම කඩමයන්කුලම ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ රුපියල් කෝටි 4 කට අධික වටිනාකමකින් යුතු හෙරොයින් තොගයක් සමග සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පුත්තලම කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකය සමත්ව ඇත.

බුද්ධි අංශ නිළධාරින්ට ලද තොරතුරකට අනුව පොලිස් විශේෂකාර්යාංශයේ නිළධාරින් සහ කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් මෙම වැටලීම සිදුකර තිබේ. 

අත්අඩංගුවට ගත් සැකකරුවන් පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Related posts

ආනයනික වාහන සඳහා වාහනයේ මිල මෙන් දෙගුණයක් බදු.

Editor O

වවුනියාවේ සියලුම රූපලාවන්‍ය මධ්‍යස්ථාන වසා දැමීමට පියවර

Mohamed Dilsad

විෂබීජහරණ කටයුතු සඳහා එතනෝල් ලීටර් 08 ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක්

Mohamed Dilsad

Leave a Comment