දේශීය

සදුදා සිට කාර්යාල දුම්රිය කීපයක් ධාවනයට එක්වෙයි

(UTV | කොළඹ) – පවතින තත්ත්වය අනුව රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ප්‍රධානීන් විසින් නිර්දේශ කළ අත්‍යාවශ්‍ය සේවක සේවිකාවන්ගේ ගමන් පහසුව සදහා ලබන 11 වන සදුදා සිට දුම්රිය ධාවනය කිරීමේ වැඩපිළිවෙළක් සැලසුම් කර ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී.එස් පොල්වත්ත මහතා පවසා සිටියේය.

දුම්රිය වාණිජ අංශයට දැනුම් දී ඇති දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර හිමි සේවක සේවිකාවන් වෙනුවෙන් පමණක් මෙම දුම්රිය ධාවනය කෙරෙනු ඇත.

මහනුවර, මහව, හලාවත, අවිස්සාවේල්ල සහ බෙලිඅත්තේ සිට කොළඹ බලා එම දුම්රිය ධාවනය කරනු ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

ආසාදිතයන් 157ක් සුවය ලබයි

Mohamed Dilsad

කළුතර කුඩා වස්කඩුව ග්‍රාම නිලධාරී වසම හුදෙකලා කෙරේ

Mohamed Dilsad

පූගොඩ තරුණයෙකු මියයාමේ සිද්ධියට පොලිසියේ 2 කගේ වැඩ තහනම්

Mohamed Dilsad

Leave a Comment