විදෙස්

ඇෆ්ගනිස්තාන සෞඛ්‍ය අමාත්‍යටත් කොරෝනා වැළඳෙයි

(UTV | ඇෆ්ගනිස්තානය) –  ඇෆ්ගනිස්තාන සෞඛ්‍ය අමාත්‍ය ෆෙරෝසුදීන් ෆෙරෝස්ට කොරෝනා ආසාදනය වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.

පසුගිය දින කිහිපයේදී අමාත්‍යවරයා රෝග ලක්ෂණ පෙන්නුම් කළ බව ද , මේ බව තහවුරු කරමින් ඇෆ්ගනිස්තාන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශක වහීදුල්ලා මයාර් අන්දෝලු පුවත් සේවයට පැවැසීය.

ඇෆ්ගනිස්තාන සෞඛ්‍ය අමාත්‍යවරයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත්තේ බ්‍රහස්පතින්දා ය.

‘‘සෞඛ්‍ය අමාත්‍යවරයා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවෙනවා. ඔහු ඔහුගේ නිවසේම ස්වයං නිරෝධායනයට යොමු වී සිටිනවා’’ යැයි ද අමාත්‍යාංශ ප්‍රකාශක වැඩිදුරටත් සඳහන්කර සිටියේය.

Related posts

ඇමෙරිකාවේ ගුවන්යානයක ගිනි ගැනීමක්

Editor O

න්‍යෂ්ටික වැඩපිළිවෙල ගැන ඇමෙරිකාවෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

බ්‍රසීලයේ ජනාධිපතිටත් කොරෝනා

Mohamed Dilsad

Leave a Comment