දේශීය

සදුදා සිට කාර්යාල දුම්රිය කීපයක් ධාවනයට එක්වෙයි

(UTV | කොළඹ) – පවතින තත්ත්වය අනුව රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ප්‍රධානීන් විසින් නිර්දේශ කළ අත්‍යාවශ්‍ය සේවක සේවිකාවන්ගේ ගමන් පහසුව සදහා ලබන 11 වන සදුදා සිට දුම්රිය ධාවනය කිරීමේ වැඩපිළිවෙළක් සැලසුම් කර ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී.එස් පොල්වත්ත මහතා පවසා සිටියේය.

දුම්රිය වාණිජ අංශයට දැනුම් දී ඇති දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර හිමි සේවක සේවිකාවන් වෙනුවෙන් පමණක් මෙම දුම්රිය ධාවනය කෙරෙනු ඇත.

මහනුවර, මහව, හලාවත, අවිස්සාවේල්ල සහ බෙලිඅත්තේ සිට කොළඹ බලා එම දුම්රිය ධාවනය කරනු ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

13 වන ජාතික රණවිරු සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේදී

Mohamed Dilsad

කටුනායක ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

විශ්ව විද්‍යාල ආරම්භ කරන දිනය පිළිබඳ එකඟත්වයක්

Mohamed Dilsad

Leave a Comment