දේශීය

අධික වේගය හේතුවෙන් මාන්කුලමේ දරුණු රිය අනතුරක්

(UTV | යාපනය) –  යාපනය -මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ මාන්කුලම පනික්කිරාවී ප්‍රදේශයේදී අද (08) පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා තිබේ.

මේ මාර්ගයේ ගමන් කල වෑන් රථයක කන්ටේනර් රථයක් ගැටී ඇති අතර වෑන් රථය පාරෙන් ඉවතට පැනීමෙන් පසුව කන්ටේනර් රථය වෑන් රථය මතට පතිත වීම නිසා අනතුර ඉතා දරුණු තත්ත්වයකට පත්ව තිබුණි.

මේ අනතුරින් තුවාල ලබා ඇත්තේ වෑන් රථයේ ගමන් කල දෙදෙනෙකු වන අතර කන්ටේනර් රථයේ රියදුරාට හා රිය සහායකයාට එම වාහනයෙන් බිමට බැසීමට නොහැකි තත්ත්වයකට මේ අනතුර පත්ව තිබුණි.

වාහන දෙකම අධික වේගයෙන් ගමන් කිරීම නිසා මේ අනතුර සිදුව ඇති අතර මාන්කුලම පොලීසිය මේ පිළිබදව පරීක්ෂණ පවත්වනු ලබයි.

Related posts

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

තවත් නාවිකයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

මන්ත්‍රී වැටුප් සහ දීමනා පක්ෂ අරමුදල ට බැර කිරීම වැළැක්වීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට

Editor O

Leave a Comment