දේශීය

COVID – 19 අරමුදලේ තැන්පතු ශේෂය මිලියන 900 දක්වා ඉහළට

(UTV | කෝවිඩ් -19) – COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් මිලියන 900 දක්වා ඉහළ ගොස් ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නිලධාරීන්ගේ සංගමය රුපියල් මිලියන 2.8ක පරිත්‍යාගයක් COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පසුගියදා පිළිගන්වා තිබේ.

සබරගමුව පළාත් සභා අරමුදල රුපියල් මිලියනයක්, රත්නපුරයේ ජානක රණවක මහතා රුපියල් ලක්ෂයක් සහ රත්නපුර දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රුපියල් එක් ලක්ෂ පනස් පන්දහසක් ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග කර තිබූ අතර ඊට අදාළ චෙක්පත් පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ජනාධිපතිවරයා වෙත පිළිගැන්වු බව ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ විශ්‍රාමික නිලධාරීන්ගේ සංගමය රුපියල් ලක්ෂ 05ක් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් බෞද්ධ සංගමය රුපියල් ලක්ෂ 03ක් අරමුදලට පරිත්‍යාග කර තිබේ.

ඒ අනුව ලංකා සීනි පෞද්ගලික සමාගම ඝෘජුව තැන්පත් කළ රුපියල් මිලියන 3.5ක් සමඟ COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය දැන් රුපියල් මිලියන 900 ඉක්මවා ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

Related posts

කුරුණෑගල නගරාධිපතිගෙන් අධිකරණයට පෙත්සමක්

Mohamed Dilsad

විමල් ‌මිලියන 1000ක් වන්දි ඉල්ලා ආගමන විගමන නිලධාරීන්ට එරෙහිව නඩු පවරයි

Editor O

අද සිට රියදුරු බලපත්‍ර කාඩ්පත් නිකුත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment