Trending News

ශ්‍රී ලංකා රජය මූල්‍ය අරමුදලෙන් හදිසි ආධාරයක් ඉල්ලයි

(UTV | ඇමරිකාව) – ශ්‍රී ලංකා රජය හදිසි මූල්‍යමය ආධාරයක් ඉල්ලා ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

මූල්‍ය අරමුදලේ සන්නිවේදන අධ්‍යක්ෂ ගැරී රයිස් සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බළධාරීන් සමග සමීපව සම්බන්ධීකරණය කරමින් අදාල කටයුතු සිදු කෙරෙමින් පවතින බවයි.

ශ්‍රී ලංකා පාර්ශවයෙන් ඉදිරියේදී කටයුතු කිරීමට සිදුවන ආකාරය සම්බන්ධයෙන් විකල්ප කිහිපයක් මේ වනවිට ඉදිරිපත් කර ඇති බවද ඔහු අනාවරණය කළේය.

එමෙන්ම ශ්‍රී ලංකාව විසින් මේ වනවිටත් ලබාගෙන ඇති ණය මුදල හදිසි ආධාරයක් බවට පරිවර්තනය කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන්ද කරුණු සාකච්ඡා කෙරෙමින් ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

இரண்டாவது விசேட மேல் நீதிமன்றம் இன்று திறப்பு…

Mohamed Dilsad

Hewagampalage to fill Gajadeera’s seat in Parliament

Mohamed Dilsad

Secretary attends Navy Passing Out ceremony in Trincomalee

Mohamed Dilsad

Leave a Comment