දේශීය

රිය අනතුරකින් පොලිස් නිලධාරියෙකු මරුට

(UTV |  මීගමුව) – මීගමුව පරණ හලාවත මාර්ගයේ ඇල පාර ප්‍රදේශයේදී සිදුවු අනතුරකින් පොලිස් නිළධාරියෙකු මියගොස් තිබේ.

ඊයේ (07) රාත්‍රී 10.30 ට පමණ සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ මීගමුව පොලිස් කොට්ඨාශයට අනුයුක්ත කොට්ඨාශ රථවාහන ඒකකයේ රාජකාරි කල නිලධාරියෙකු බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

රාජකාරි නිමවා විවේකය වාර්තා කිරීමට පොලිස් ස්ථානයට පැමිණෙමින් සිටියදී අධික වර්ශාව හමුවේ යතුරු පැදිය ලිස්සා ගොස් අසල නිවසක තාප්පයක ගැටීමෙනුයි අනතුර සිදුවී ඇති බවට වාර්තා වේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගල්ගමුව වරාවැව ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අයෙකු වන අතර මෘත ශරීරය මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

අනතුර සම්බන්ධයෙන් මීගමුව පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

Related posts

නිවෙස් වල සිදුවන මරණ අවම කළ යුතු බවට ජනපතිගෙන් උපදෙස්

Mohamed Dilsad

GST පණත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ව්‍යවස්ථාවට පටහැණියි

Mohamed Dilsad

කටුනායක ගුවන්තොටුපොළේ පිටවීමේ පර්යන්තය මහජනතාවට විවෘත වෙයි

Mohamed Dilsad

Leave a Comment