දේශීය

සඳුදා සිට ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීම පිළිබඳව ජනපතිගේ අවධානය

(UTV | කොළඹ) – කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවල දෛනික ජන ජිවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සඳුදා සිට යථා තත්ත්වයට පත් කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විමසුමට ලක්කර ඇත.

පළාත් ආණ්ඩුකාරවරු සහ කැබිනට් අමාත්‍යාංශ ලේකම්වරු සමග අද (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ හමුවේදීයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජය නියම කර ඇති නිර්දේශයන්ට අනුකූලව රාජ්‍ය පෞද්ගලික දෙඅංශයේ සියලු සේවා ඇරඹීමට පියවර ගත යුතු බව ජනාධිපතිවරයා  පවසයි.

එහිදී ආයතන ක්‍රියාකාරිත්වය පිළිබද සවිස්තරාත්මක සැලසුම් සෞඛ්‍ය අංශවලට ඉදිරිපත් කරන ලෙස දැනුම් දෙනු ලැබිණ.

පොදු ප්‍රවාහන කටයුතු නියමිත සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් පවත්වාගෙන යාමේ වැදගත්කම ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

ආයතන පවත්වාගෙන යාමේදී සේවක සංඛ්‍යාව තීරණය කිරීම සේවාවන් අඩාල නොවන ආකාරයෙන් සිදු විය යුතුය. ආයතනික ව්‍යුහය අනුව සේවා මුර තීරණය කළහැකිය. සේවයට වාර්තා කිරිමේ වේලාව නියමයක් ලෙස නොගෙන ආයතනික අවශ්‍යතාව මත නිර්ණය කළ යුතුය.

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ නිර්දේශ මත ග්‍රාමීය ප්‍රදේශවල තෝරාගත් පාසල් විවෘත කිරීමේ හැකියාව සොයා බැලීමට ද තීරණය කෙරිණ. එහිදී ජලය, සනීපාරක්ෂක පහසුකම් සහ සෞඛ්‍ය ආශ්‍රිත ගැටලු කෙරෙහි විශේෂ අවධානය යොමු කළ  යුතුය.

විදුලි, ජල, වාරිමාර්ග, කෘෂිකර්ම. වැව් අමුණු පිළිසකර කිරීම්, ගොඩනැගිලි ඉදිකිරීම් වැනි සංවර්ධන වැඩ සෙසු දිස්ත්‍රික්කවල දැනටමත් පටන් ගෙන ඇත. මැයි 11 දා සිට ජන ජිවිතය යථා තත්ත්වයට පත් කෙරෙන දිස්ත්‍රික්කවල ද සංවර්ධන මෙහෙයුම් ඇරඹිය හැකිය. වැඩබිම් සහ ආයතන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ඝෘජු අධීක්ෂණයට ලක් කිරීමට ද තීරණය විය.

මී උණ සහ ඩෙංගු වැනි රෝග ආශ්‍රිතව ඉදිරියේ දී පැන නැගිය හැකි සෞඛ්‍ය ගැටලු ගැන සහ සියලු අංශ කෙරෙහි දැඩි අවධානය යොමු කරන්නැයි ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.

Related posts

විදෙස් ගතවී සිටි බැසිල් යළි දිවයිනට

Mohamed Dilsad

පාසල් නිල ඇඳුම් ලැබෙන දිනය ගැන අධ්‍යාපන ඇමතිගෙන් ඉඟියක්

Mohamed Dilsad

ධීවර ක්ෂේත්‍රයට නව ජවයක් දෙමින් ‘Aqua Planet 2025’ ජාත්‍යන්තර ප්‍රදර්ශනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ

Editor O

Leave a Comment