Trending Newsඑසැන පුවත්දේශීය

නිදහස් අධ්‍යාපනය තුළ සභ්‍යත්වය, සංස්කෘතිය ආරක්ෂා විය යුතුයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ලෝකයේ අධ්‍යාපනය වෙනස්වීමට, වඩා අප ද ඉදිරියෙන් සිට ඒ වෙනස්කම් අප රටේ නිදහස් අධ්‍යාපනය තුළ ශක්තිමත් කළ යුතු බවත් එසේ නොවන්නේ නම් නිදහස් අධ්‍යාපනය යටගොස් පෞද්ගලික හා විදේශීය අධ්‍යාපනය ඉහළ මට්ටමකට එන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.

නිදහස් අධ්‍යාපනය වෙනස් කිරීමේ දී අපේකම, ගමේකම, රටේකම සභ්‍යත්වය, සංස්කෘතිය හා උරුමය රැකගත යුතු අතර එහිදී ඉතිහාස විෂය අනිවාර්ය විෂයක් විය යුතු බවත් පෙන්වා දෙනවා.

අප රටට ආවේණික සංස්කෘතික රටාව තුළ නූතනවාදය එකට එකතු කර ගෙන සභ්‍යත්වය මත වෙනස්කම් සිදු කළ හැකි බවත් නිදහස් අධ්‍යාපනය විකෘතිතාවයට ලක් කරන ප්‍රතිසංස්කරණයේ නාමයෙන් නිදහස් අධ්‍යාපනයට අසභ්‍යත්වය ඇතුළු කිරීම තරයේ හෙළා දකින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

.

Related posts

Get Ready for Pc Polls – President

Mohamed Dilsad

20000 ஆயிரம் இளைஞர், யுவதிகளுக்கு இன்ப அதிர்ச்சி கொடுக்கும் பிரதமர்!

Mohamed Dilsad

කොරෝනා රෝගීන් ගණන ඉහළට(UPDATE)

Mohamed Dilsad

Leave a Comment