දේශීය

වසා දැමූ සියලු අධ්‍යාපන ආයතනයන්හි පවිත්‍ර කිරීමේ කටයුතු නැවත අරඹන්නැයි උපදෙස්

(UTV| කොවිඩ් 19) –  කොවිඩ්-19 ව්‍යාප්තිය හේතුවෙන් දැනට වසා දමා ඇති පාසල්, පිරිවෙන්, විද්‍යාපීඨ, ගුරු විද්‍යාල ඇතුළු සියලු ආයතනයන්හි පවිත්‍ර කිරීමේ කටයුතු නැවත ආරම්භ කර ඩෙංගු උවදුර මර්දනයට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යංශයෙන් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.   

අදාළ ආයතනයන්හි සනීපාරක්ෂක කම්කරු, පාසල් කම්කරු, උද්‍යාන කම්කරු, මුරකරු සහ සෙසු අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන් වෙත ඒ සඳහා වගකීම් පවරන ලෙස එම අමාත්‍යංශය උපදෙස් ලබාදෙයි.

පාසල් සංවර්ධන සමිති හා ආදි ශිෂ්‍ය සංගම්වල සහය ඒ සඳහා ලබාගැනීමට කටයුතු කරන ලෙසත් සියලු පළාත් සහ කලාප අධ්‍යාපන බලධාරීන් වෙත උපදෙස් ලබාදී ඇත.

පවිත්‍ර කිරීමේ කාර්යයන් කොවිඩ් 19 වෛරසය මර්දනයට අදාළව රජය විසින් ප්‍රකාශයට පත්කරන සහ, සෞඛ්‍ය හා ආරක්ෂක අංශ මගින් ලබාදෙන උපදෙස් හා නිර්දේශයන්ට යටත්ව සිදු කළ යුතු බව ද අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

රටවල් 48කට ලබාදුන් නිදහස් වීසා කාලය තවත් දීර්ඝ කෙරේ

Mohamed Dilsad

නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් පිටව යයි

Mohamed Dilsad

STF කළ වැටලීමකින් පෑලියගොඩදී හෙරොයින් තොගයක් අල්ලයි

Mohamed Dilsad

Leave a Comment