දේශීය

දැවි තෙල් කර්මාන්තයේ නියැලෙන්නන්ට හෙට සිට නව නීති

(UTV | කොළඹ) – හෙට (01) සිට දැවි තෙල් භාවිතය පරිසර හිතකාමී ලෙස කළමණාකරණය කිරීම සදහා නව වැඩපිළිවෙලක් ආරම්භ කරන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

මෙම නව වැඩ පිළිවෙල වරාය අධිකාරිය, රේගුව, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැනි ආයතන සමග එක්ව ක්‍රියාත්මක කරන බව එහි සභාපති එස් අමරසිංහ මහතා කියා සිටියේය.

ඒ අනුව දැවිතෙල් එකතු කිරිමේ කර්මාන්තයේ නියැලි සිටින සියලු ආයතන දැවි තෙල් ප්‍රවාහණය කිරීමේදී පරිසර අධිකාරිය හා සමුද්‍රීය පරීක්ෂණ අධිකාරිය විසින් ක්‍රියාත්මක කරන ජී පී එස් ක්‍රමවේදයට අනුව කටයුතු කළ යුතුයි.

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති වැඩිදුරටත් කියා සිටියේ මෙම උපදෙස් නිසි පරිදි ක්‍රියාත්මක නොකරන්නේ නම් අදාල ආයතනයේ බලපත්‍රය අහෝසි කරන බවයි.

Related posts

මහ තරගය බලන්න ආ ජනපති

Mohamed Dilsad

කෝටියකට වැඩි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් කිලිනොච්චියේදී අත්අඩංගුවට

Mohamed Dilsad

මහ මැතිවරණ ගැසට් නිවේදනය බල රහිත කිරීමට තවත් පෙත්සමක්

Mohamed Dilsad

Leave a Comment