දේශීය

බ්‍රිතාන්‍යයේ සහ ඕස්ට්‍රේලියාවේ සිසුන්ට ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙතින් දැනුම් දීමක්

(UTV | කොවිඩ් 19 ) – ශ්‍රී ලංකාවට පැමිණිමට අපේක්ෂාවෙන් සිටින මහා බ්‍රිතාන්‍යයේ සහ ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය හදාරන ලාංකික සිසුන්ට වහා අදාළ මහ කොමසාරිස් කාර්යාලවල ලියාපදිංචි වන්නැයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම දැනුම් දෙයි.

මැයි මාසයේ තෝරාගත් දිනවලදී ලන්ඩන් සහ මෙල්බර්න් නගරවල සිට කොළඹ දක්වා විශේෂ ගුවන් වාර ක්‍රියාත්මක කිරීමට සැලසුම් කෙරෙමින් ඇති බව ඔවුන් නිවේදනය කරයි.  මේ සඳහා විදේශ අමාත්‍යංශයේ අනුමැතිය අනිවාර්ය වන බව ද ශ්‍රී ලංකන් ගුවන් සමාගම දැනුම් දෙයි.

මෙම හේතුව මත දිවයිනට පැමිණීමට අපේක්ෂා කරන්නේ නම් වහාම ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලවල ලියාපදිංචි වන ලෙසට ශ්‍රී ලංකන් ගුවන් සමාගම අදාළ රටවල සිසුන්ට දැනුම් දෙයි.

Related posts

නිදහස් පක්ෂ විනය කමිටුවේ විශේෂ රැස්වීමක්

Mohamed Dilsad

කොරෝනා පාලනයට චීනයෙන් තවත් වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

Mohamed Dilsad

ගංවතුර අනතුරු ඇඟවීම තවදුරටත්

Mohamed Dilsad

Leave a Comment