දේශීය

බ්‍රිතාන්‍යයේ සහ ඕස්ට්‍රේලියාවේ සිසුන්ට ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙතින් දැනුම් දීමක්

(UTV | කොවිඩ් 19 ) – ශ්‍රී ලංකාවට පැමිණිමට අපේක්ෂාවෙන් සිටින මහා බ්‍රිතාන්‍යයේ සහ ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය හදාරන ලාංකික සිසුන්ට වහා අදාළ මහ කොමසාරිස් කාර්යාලවල ලියාපදිංචි වන්නැයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම දැනුම් දෙයි.

මැයි මාසයේ තෝරාගත් දිනවලදී ලන්ඩන් සහ මෙල්බර්න් නගරවල සිට කොළඹ දක්වා විශේෂ ගුවන් වාර ක්‍රියාත්මක කිරීමට සැලසුම් කෙරෙමින් ඇති බව ඔවුන් නිවේදනය කරයි.  මේ සඳහා විදේශ අමාත්‍යංශයේ අනුමැතිය අනිවාර්ය වන බව ද ශ්‍රී ලංකන් ගුවන් සමාගම දැනුම් දෙයි.

මෙම හේතුව මත දිවයිනට පැමිණීමට අපේක්ෂා කරන්නේ නම් වහාම ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලවල ලියාපදිංචි වන ලෙසට ශ්‍රී ලංකන් ගුවන් සමාගම අදාළ රටවල සිසුන්ට දැනුම් දෙයි.

Related posts

විදේශයන්හි සිරවී සිටින ලාංකිකයන් ගෙන්වීම තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

කහ කිලෝ 1379ක් පොලිසිය භාරයට

Mohamed Dilsad

කෘෂිකාර්මික 2025 සහ කෘෂිකාර්මික නොවන 2026 සංගණනයක් පැවැත්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Editor O

Leave a Comment