දේශීය

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

(UTV | කොළඹ) – හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

එහි වගඋත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පතිවරයා, රහස් පොලිසිය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයා සහ නීතිපතිවරයා නම් කර ඇත.

ඉකුත් ජනාධිපතිවරණය සමයේ රජයේ ප්‍රවාහන සේවාවන් යොදාගෙන පුත්තලම් සිට ඡන්දදායකයින් ප්‍රවාහනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රහස් පොලිසිය මගින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් , ඊට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවත් හිටපු අමාත්‍යවරයා අදාළ පෙත්සම මගින් දන්වා ඇත.

මෙම සිද්ධියට තමන්ගේ කිසිඳු සම්බන්ධයක් නොමැති බව ද රිෂාඩ් බදියුදීන් මහතා සඳහන් කරයි.

Related posts

පර්පචුවල් ට්‍රෙෂරීස් ගිණුමකින් මුදල් මුදාහරින ලෙසට අධිකරණය දන්වයි

Mohamed Dilsad

කියර් ස්ටාමර් බ්‍රිතාන්‍යයේ නව අගමැති ලෙස නිල වශයෙන් ප්‍රකාශයට.

Editor O

ඉන්ධන සැපයුම ගැන නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment