දේශීය

සාමාන්‍ය පෙළ පාසල් ප්‍රතිඵල ලේඛන අද සිට ඔන්ලයින් ක්‍රමය ඔස්සේ

(UTV| කොළඹ) – මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සහිත පාසල් ලේඛන ඔන්ලයින් (online) ක්‍රමයට ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විභාග දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇත.

සියළු පළාත් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත ඊට අදාල පරිශීලක පද (USER NAME )  හා මුර පද (PASSWORD) ලබාදීමේ සමාරම්භක අවස්ථාව අධ්‍යාපනක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විභාග දෙපාර්තමේන්තුවේදී අද (28) සිදු කෙරිණි.

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් රට තුළ දැනට උද්ගතව ඇති තත්වය සැලකිල්ලට මෙය ක්‍රියාවට නංවා ඇත.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.donets.lk වෙත පිවිසීමෙන් සිසුන්ට තම ප්‍රතිඵල පෞද්ගලිකව ලබාගැනීමට අවස්ථාව සැලසෙන අතරසියලු පළාත් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත මීට පෙර අවස්ථාවලදී තැපැල් මගින් ලැබුණු පාසල් විභාග ප්‍රතිඵල ලේඛන අද සිට ඉහත වෙබ් අඩවියෙන් බාගත කරගැනීමේ  අවස්ථාවද සලසා දී තිබේ.

රට තුළ උද්ගතව ඇති වත්මන් තත්වය හමුවේ පවත්නා සියලු අභියෝගයන්ට නොබියව මුහුණ දෙමින්මෙම විභාග ප්‍රතිඵල දරුවන් වෙත ලබාදීමට උත්සුක වූ විභාග දෙපාර්තමේන්තුවේ සියලු කාර්ය මණ්ඩලයටත් ඊට නායකත්වය ලබාදුන් විභාග කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු සියලු නිලධාරීන්ටත් අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී සිය කෘතවේදීත්වය පළ කළේය.

Related posts

ගිනි අවි බලපත්‍ර අලුත් කිරීමට සහන කාලයක්

Editor O

මගීන් සමඟ පැමිණෙන අමුත්තන්ට අද සිට ගුවන් තොටුපළ යළි විවෘතයි

Mohamed Dilsad

ජල කප්පාදු තොරතුරු සඳහා SMS සේවාවක්

Mohamed Dilsad

Leave a Comment