දේශීය

ඩකා නුවර ලාංකික සිසුන් පිරිසක් දිවයිනට

(UTV | කොළඹ ) – කොරෝනා වසංගතය හමුවේ මෙරටට පැමිණීමට නොහැකිව දකුණු ආසියානු රටවල සිටින සිසුන් අතුරින් 6 වන කණ්ඩායම අද (27) දිවයිනට පැමිණේ.

බංග්ලාදේශයේ ඩකා නගරයේ සිට සිසුන් පිරිසක් මෙරටට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කළේය.

මේ වනවිට ලාහෝර්, කරච්චි, අම්රිට්සාර්, කත්මණ්ඩු, මුම්බායි සහ කොයිම්බතූර් නගරවල සිට 566 දෙනෙකු ශ්‍රී ලංකාවට ගෙන්වා ගෙන අවසන්ය.

මේ වනවිට ඔවුන් සියලු දෙනා නිරෝධායනයට යොමුකර තිබේ.

Related posts

වැල්ලවත්ත – බත්තරමුල්ල බෝට්ටු ප්‍රවාහණ සේවය අද සිට

Mohamed Dilsad

අමාත්‍ය වාසුදේවටත් කොරෝනා බව හෙළි වෙයි

Mohamed Dilsad

කඩා වැටුණු සංචාරක කර්මාන්තය ගැන නව බලාපොරොත්තුවක්

Mohamed Dilsad

Leave a Comment