දේශීය

හෙට සිට ප්‍රදේශවල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක්

(UTV | කොළඹ) – දිවයිනේ බොහෝ ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් හෙට (27) සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදැසන කාලයේදී සිහින් වැසි ඇතිවිය හැකි බවත් සබරගමුව පළාතේත් කළුතර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලටමි.මී.50ක පමණ තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

මිට අමතරව ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related posts

තවත් ප්‍රදේශ කීපයක් හුදෙකලා කරයි

Mohamed Dilsad

රුසියාව යුක්‍රේනයෙන් අල්ලාගත් ප්‍රදේශවල මැතිවරණයක් ආරම්භ කරයි

Mohamed Dilsad

වරාය නගර පනත් කෙටුම්පත පිළිබද විවාදය දෙවන දිනටත් [සජීවීව]

Mohamed Dilsad

Leave a Comment