දේශීයවිදෙස්

ලොව පුරා කොවිඩ් 19 ආසාදිත පිරිස විසි අට ලක්ෂය ඉක්මවා යයි

(UTV| කොවිඩ් 19) – ලොව පුරා කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව  2,850,457 දක්වා ඉහළ ගොස් තිබෙන අතර , මරණ සංඛ්‍යාව 198,096 ලෙස වාර්තා වෙයි.

ඇමරිකා එක්සත් ජනපදයේ ද කොරෝනා ආසාදිතයන් 925,000 ඉක්මවා ඇති අතර මරණ 52,217ක් ලෙස දැක්විය.

එසේම, කොරෝනා වෛරසයට එරෙහි පරීක්ෂණ, ඖෂධ සහ එන්නත් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට සහ ඒවා ලොව පුරා බෙදා හදා ගැනීමට ලෝක නායකයන් ප්‍රතිඥා දී තිබුණි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලිකත්වය යටතේ ඒ සඳහා කටයුතු කරන ලෙස ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්, ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් සහ දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා ඉල්ලා සිටියේ වීඩියෝ සම්මන්ත්‍රණයකට ඊයේ (24) දිනයේ එක්වෙමින්.

නමුත් ඇමරිකාව මේ සඳහා සහභාගී නොවීම විශේෂත්වයක්.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහලට

Mohamed Dilsad

වරායේ බහාලුම් නිශ්කාශනය ප්‍රමාදවීමේ ගැටළුවට ජනාධිපති මැදිහත්වෙයි.

Editor O

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ කතානායක අතර විශේෂ සාකච්ඡාවක්

Editor O

Leave a Comment