දේශීය

රාමසාන් උපවාස සමය අද සිට

(UTV | කොළඹ ) – මෙරට මුස්ලිම් ජනතාව අද (25) සිට රාමසාන් උපවාස සමය ආරම්භ කරයි.

ඉස්ලාමීය චන්ද්‍ර දින දර්ශනයට අනුව නව සඳ උදා වීමත් සමග ඉස්ලාම් බැතිමතුන්ගේ උපවාස කාලය ආරම්භ වේ.

ඒ අනුව පුරා මාසයක පමණ කාලයක් උපවාස ශීලය ආරක්ෂා කරන මුස්ලිම් බැතිමතුන් එය අවසන් කරන්නේ ඊළග නව සඳ දිස්වීමත් සමගයි.

නිවෙස්වලට වී මෙම උපවාස සමයේදී කටයුතු කරන ලෙසට නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉස්ලාම් බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියේය.

කොරෝනා යනු මුදලට හෝ බලයට පාලනය කල හැකි ගෝලීය වසංගත තත්වයක් නොවන බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

Related posts

බස්නාහිර පළාතේ පුද්ගලයින් 57,000 කට අද කොවිෂීල්ඩ් එන්නත

Mohamed Dilsad

හුදකලා තත්ත්වය පිළිබඳ අලුත් නිවේදනයක්

Mohamed Dilsad

උද්ධමනය තවත් අඩුවෙයි

Mohamed Dilsad

Leave a Comment