ගොසිප්

මෙරට කොරෝනා ව්‍යාප්ති මට්ටම අවධානම් A කාණ්ඩයට

(UTV |කොවිඩ් 19 ) – මෙරට පවතින  කොරෝනා රෝගය කොවිඩ් 19 වෛරස ව්‍යාප්තියේ A කාණ්ඩය බව අධ්‍යනයකින් හෙලි වී තිබේ.

 

මෙම අධ්‍යයනය සිදු කර ඇත්තේ ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් විසිනි .

එම විශ්ව විද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය නිලිකා මලවිගේ එහි ප‍්‍රධානත්වය දරයි.

නව කොරෝනා වෛරසය විද්‍යාත්මකව හැදින්වෙන්නේ සාස් කොව් ටූ ලෙසයි. A, B සහ C ලෙස එහි මූලික ඛාණ්ඩ 03ක් විද්‍යාඥයින් විසින් හදුනාගෙන ඇත.

කොවිඞ් 19 රෝගය මුලින්ම හදුනාගැනුනු චීනයේ වූහාන් ප‍්‍රදේශයේ වැඩි වශයෙන් ව්‍යාප්ත වී ඇත්තේ B ඛාණ්ඩයයි.

යුරෝපා කලාපයේ වැඩි වශයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන්නේ C ඛාණ්ඩය බව හදුනාගෙන තිබේ.

ශී‍්‍ර ලංකාවේ මේ වන විට ව්‍යාප්ත වෙමින් තිබෙන A ඛාණ්ඩය වැඩි වශයෙන් ව්‍යාප්ත වූ සෙසු රටවල් වන්නේ ඇමෙරිකාව සහ ඔස්ටේ‍්‍රලියාවයි.

වෛරසයක එක් එක් ඛාණ්ඩය මගින් ඇති කෙරෙන සංකූලතා එකිනෙකට වෙනස් වන බව විද්‍යාඥයින් පෙන්වා දෙයි .

කොවිඩ් 19 නිසා ඇතැම් රටක සිදුවන මරණ අනුපාතය වෙනත් රටවලට වඩා වැඩි වීමටද මෙම වෙනස්කම් හේතුවන බවයි මහාචාර්ය නිලිකා මලවිගේ පවසන්නේ.

ඒ අනුව වෛරස ආසාධනයක් සඳහා කිසියම් රටක සොයා ගනු ලබන එන්නතක් තවත් රටකට ගැලපෙන්නේදැයි අවබෝධ කරගැනිමට නම් පළමුවෙන් අදාල රටෙහි ව්‍යාපත්වන වෛරස ඛාණ්ඩය නිවැරදිව හදුනා ගත යුතු බවද ඇය පෙන්වා දෙයි.

Related posts

ගල්කිස්සේ කොරෝනා ආසාදිතයා පොත් ප්‍රදර්ශනයටත් ඇවිත්

Mohamed Dilsad

නාරාහේන්පිට ප්‍රධාන පෙළේ රෝහලක සේවකයන් පිරිසකට කොරෝනා

Mohamed Dilsad

රජය විදෙස්ගත ලාංකිකයන්ගෙන් කොරෝනා මඩින්න අරමුදල් ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment