දේශීය

සියලු PCR පරීක්ෂණාගාර සම්බන්ධව විශේෂ සාකච්ඡාවක්

(UTV | කොළඹ ) – ආරම්භයේදී ඉතා සුලු වශයෙන් පැවති පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව මේ වනවිට ඉහළ අගයකට පත්ව ඇති බව නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

පසුගිය සතියේදී එහි සාමාන්‍ය අගය 531 ක් ලෙස පැවතුණු අතර මෙම සතිය වනවිට එම අගය 700 දක්වා ඉහල යා හැකි බවට අපේක්ෂා කරයි.

තවද අද (24) දිනයේදි දිවයිනේ සියලු පි සී ආර් පරීක්ෂණාගාර සම්බන්ධකර ගනිමින් විශේෂ සාකච්ඡාවක් සිදු කෙරෙන අතර ඇතැම් රසායනාගාරවල පි සී ආර් පරීක්ෂණ යන්ත්‍ර තවදුරටත් වැඩි කිරීම කෙරෙහි එහිදි අවධානය යොමු කිරීමට නියමිතයි.

Related posts

කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය වගට සීමා කෙරේ

Mohamed Dilsad

අදත් 175 දෙනෙකුට පුර්ණ සුවය

Mohamed Dilsad

ගිනි අවියක් රැගෙන පලා ගිය පොලිස් නිලධාරියා සොයන්න කණ්ඩායම් 10ක්

Mohamed Dilsad

Leave a Comment