දේශීය

පොළොන්නරුවේ ගම්මාන 12 ක් හුදෙකලා කෙරේ

(UTV | කොවිඩ් 19 ) – කොරෝනා රෝගියෙකු වාර්තාවීමත් සමග පොළොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගම්මාන 12 ක් හුදෙකලා කිරීමට පියවර ගෙන තිබේ.

අද හමුවූ කොරෝනා වෛරස් ආසාදිතයන්ගෙන් 11 දෙනෙකුම බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, අනෙක් ආසාදිතයා පොලොන්නරුව – පුලස්තිගම ප්‍රදේශයේ පදිංචි වැලිසර නාවික හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන සෙබලෙකු බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලූතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා සඳහන් කළේය.

මොහු පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ පළමු කොරෝනා ආසාදිතයා ලෙස සැලකෙන අතර , මේ සමඟම ඔහු සමඟ වැලිසර නාවික හමුදා කඳවුරේදී සමීපව කටයුතු කළ සෙබළුන් හඳුනා ගැනීමට කටයුතු යොදා ඇත.

මේ වනවිට දිස්ත්‍රික්ක 16 කින් කොරෝනා ආසාදිතයින් වාර්තා වන අතර, ඉන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

Related posts

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල වෛද්‍යපීඨයට දේශීය සිසුන්ට ඇතුළත්වීමේ අවස්ථාව අහිමි කිරීම අසාධාරණයි – පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර

Editor O

රාජ්‍ය ආයතනවල මහජන දිනය හෙට අවලංගුයි

Mohamed Dilsad

වවුනියාව සහ මන්නාරම ප්‍රදේශයේ LTTE සැමරුම් තහනම් කරමින් අධිකරණ නියෝගයක්

Mohamed Dilsad

Leave a Comment