දේශීය

 COVID-19 සෞඛ්‍ය අරමුදලට මුදල් පරිත්‍යාග රැසක්

(UTV | කොවිඩ් 19) – ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ සෘජු තැන්පතු සමඟ  COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 822 ඉක්මවා ඇත.

ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ  අංක 85737373 දරණ මෙම  විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කළ හැක.

නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇති අතර , චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මුදල් තැන්පත් කිරීමට හැකියාව පවතී.

දුරකථන අංක 011 – 2354479 / 011 – 2354354 ඔස්සේ අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) කේ.බී. එගොඩවෙලේ මහතා අමතා වැඩි විස්තර දැනගත හැක.

Related posts

ආනයනික ලොකු ලූණු සඳහා රු. 100ක බද්දක්…?

Editor O

අධ්‍යාපන චාරිකා සඳහා නව නීති රැසක්

Mohamed Dilsad

ගම්පහ සණස සමිතියේ කළමනාකරු සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment