දේශීය

කොරෝනා මර්දනයට ජපානයෙන් ඩොලර් මිලියන 1.2 ක පරිත්‍යාගයක්

(UTV | කොළඹ) – කොරෝනා මර්දනය කිරීම සඳහා ජපාන රජය විසින් මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 1.2 ක ප්‍රදානයක් සිදුකර තිබේ.

ජපන් තානාපති කාර්යාලය නිකුත් කල නිවේදනයේ දැක්වෙන්නේ දියුණුවෙමින් පවතින රටවල සෞඛ්‍ය සහ වෛද්‍ය සේවාවේ ධාරිතාවය ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම මුදල් පරිත්‍යාගය සිදුකරන බවයි.

ඒ අනුව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හරහා ඇමෙරිකානු ඩොලර් 500,000 ක් , සංක්‍රමණිකයන් සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය හරහා ඇමෙරිකානු ඩොලර් 422,500 ක් / ජාත්‍යන්තර රතු කුරුස හා රතු අඩසඳ සංගම් හරහා ඩොලර් 250,000 ක් මෙලෙස පරිත්‍යාග කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Related posts

හිටපු අගමැති මහින්ද පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

තවත් කොවිඩ් ආසාදිතයින් 157ක්

Mohamed Dilsad

නිවසක් ගිනි ගැනීමෙන් දැරියක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment