දේශීය

වෑතර ප්‍රදේශයෙන් මාළු මිලදී ගත් පිරිස් ඇත්නම් සෞඛ්‍ය අංශ දැනුවත් කරන්න

(UTV | කොවිඩ් 19) –  ඊයේ (20) දිනයේ දී කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස තහවුරු වූ පිළියන්දල ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයා සමඟ සමීප සබඳතා පැවැත්වූ පිරිසක් ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ.

එම ව්‍යාපාරිකයාගේ වෑතර ප්‍රදේශයේ පිහිටි මාළු අලෙවිසැලෙන් මාළු මිලදී ගත් පිරිස් සිටී නම් ඒ සම්බන්ධයෙන් වහාම ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ වෙත දැනුම් දෙන ලෙස කහතුඩුව ප්‍රදේශය බාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක මදනායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අදාළ පුද්ගලයා මාළු මිලට ගැනීම හේතුවෙන් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල ද වසා දැමීමට තීරණය කර තිබේ.

Related posts

දුම්රිය වර්ජනය අත්හිටුවයි

Mohamed Dilsad

වෛරසයෙන් ආරක්ෂාවීමට සෞඛ්‍ය පුරුදු දැක්වෙන සංඥා මාලාවක්

Mohamed Dilsad

ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය වෙනස් කිරීමට ආණ්ඩුවේ උත්සාහයක්..?

Editor O

Leave a Comment