දේශීය

කෘෂි සහ සෙසු කර්මාන්ත දිස්ත්‍රික් මට්ටමින් සංවර්ධනයට ජනපතිගේ අවධානය

(UTV | කොළඹ) –  දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ඒකාබද්ධ කරමින් කෘෂි නිෂ්පාදන මිළදී ගැනීම, ගබඩා කිරීම සහ බෙදා හැරීමට නව යාන්ත්‍රනයක් ඇති කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇත.

දිස්ත්‍රික් ලේකම්වරු සමග අද (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

මෙම ක්‍රියාවලිය සියලුම දිසාපතිවරුන්ගේ මූලිකත්වයෙන් ඉදිරියට ගෙන යා යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

කොරෝනා වෛරසය මර්දනයට ගත් ක්‍රියාමාර්ග සාර්ථක කර ගැනීමට දිස්ත්‍රික් ලේකම්වරුන් දුන් සහයෝගය ඉතා ඉහළ බව සඳහන් කළ ජනාධිපතිතුමා ඊට සිය ප්‍රසාදය පළ කළේය. කොරෝනා වෛරසය මර්දනයට මෙතෙක් ගෙන ඇති පියවර සහ වත්මන් තත්ත්වය පිළිබඳව ජනාධිපතිතුමා දිසාපතිවරුන් දැනුවත් කළේය.

දිස්ත්‍රික් මට්ටමින් ශිතාගාර සහ ගබඩා ස්ථාපනය සහ දේශීය බීජ නිෂ්පාදනය සිදු විය යුතු බව දිසාපතිවරු සඳහන් කළහ.

මුඩුබිම් වගා කිරීම, වගා නොකළ බිම් ආරක්ෂක අංශ සහ බන්ධනාගාර රැඳවියන්ගේ දායකත්වයෙන් අස්වැද්දීම, යටි භෝග වගාව කෙරෙහි මෙන්ම කුඹුරු නියර ආශ්‍රිත වගාවන්ට ගොවීන් දිරිමත් කිරීමට පියවර ගැනීමේ වැදගත්කම ද මෙහිදී සාකච්ඡා කෙරිණ.

රබර් නිෂ්පාදන, කොසු, ඉදල් පේෂකර්ම ඇතුළු දේශීය කර්මාන්ත නගා සිටුවීම, දියර කිරි නිෂ්පාදන දිරිමත් කිරීම ඇතුළු කෘෂි සහ කර්මාන්ත ආශ්‍රිත ක්ෂේත්‍ර රැසක සංවර්ධනය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

Related posts

අත්අඩංගුවට ගත් හානි පූර්ණ කාර්යාලයේ (හිටපු) වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල්වරිය ඇප මත මුදාහැරේ

Editor O

ඛනිජ තෙල් සේවකයින්ට අතිකාල දීමනා අහිමි වන ලකුණු

Mohamed Dilsad

රටේ ප්‍රශ්න විසඳන තුරු කිසිදු දේශපාලකයෙකුට අද සිට VIP සේවා නෑ

Mohamed Dilsad

Leave a Comment