දේශීය

හඳුනා ගත් භාණ්ඩ කිහිපයක ආනයනය තාවකාලිකව අත්හිටුවයි

(UTV | කොළඹ) – හඳුනාගත් භාණ්ඩ කිහිපයක් ආනයනය කිරීම තාවකාලිකව සිමා කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයකට අනුවයි.

මේ සම්බන්ධයෙන් ආනයන හා අපනයන පාලක ජනරාල් නිකුත් කළ නිවේදනය, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබුණි.

ඒ අනුව බාස්මතී සහල් හැර අනෙකුත් සහල් රටකජු වැනි කෘෂි නිෂ්පාදන ද ඇතුළත්ව දේශීයව නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ රැසක්ද ප්ලාස්ටික් භාණ්ඩ සහ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ රැසකද ආනයනය අත්හිටුවා තිබේ.

ඊට අමතරව ගොඩනැඟිලි ඉදිකිරීම් ද්‍රව්‍ය, විදුලි හා විද්‍යුත් උපාංග, තිරිඟු පිටි වැනි හඳුනාගත් ද්‍රව්‍ය ණය පදනම මත පමණක් එනම්, මාස 03ක කාලයකින් පසුව ගෙවීම් කිරීමේ පදනම මත පමණක් ආනයනය කිරීමට අවසර ලබාදී ඇති බවද එම නිවේදනයේ සඳහන් වෙයි.

Related posts

ඛාණ්ඩ 2 ක් යටතේ භාණ්ඩගාර බැඳුම්කර නිකුතුවක් සිදු කෙරේ

Mohamed Dilsad

අයි.එම්.එෆ්. ණය ප්‍රතිව්‍යුහගතකරණය නිසා ඉදිරියේදී රටේ ආර්ථිකය බරපතල අවධානමක – ජන අරගල සන්ධානය අනතුරු අගවයි

Editor O

රිජ්වේ ආර්යා ළමා රෝහලේ මාස 10 ක් වියැති බිළිඳෙකුටත් කොරෝනා

Mohamed Dilsad

Leave a Comment