විදෙස්

අමෙරිකාවේ කොරෝනා මරණ සීග්‍රයෙන් ඉහලට

(UTV | කෝවිඩ්-19) – කොවිඩ්-19 වෛරසය හේතුවෙන් අමෙරිකාවේ සිදුවු මරණ සංඛ්‍යාව 40,000 ඉක්මවා ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ගතවු පැය 24 තුළ මරණ 1537ක් සිදු වීමත් සමඟ එරට සමස්ථ මරණ සංඛ්‍යාව 40,548ක් දක්වා ඉහළ ගොස් ඇත.

එහි විශේෂත්ව වන්නේ මරණ සංඛ්‍යාවෙන් අඩක්ම නිව්යොර්ක් ප්‍රාන්තයෙන් වාර්තාවීම වේ.

අමෙරිකාවේ ගතවු පැය 24 තුළ නව ආසාදිතයින් 25,511 දෙනෙකු හදුනාගැනීම සමඟ එරට සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව හත්ලක්ෂ 64,303ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එම ආසාදිතයන් අතරින් සුවය ලබා ඇත්තේ පුද්ගලයින් 71,003 දෙනෙකු පමණක් වන අතර එරට සුවය ලැබීමේ ප්‍රතිශතය සියයට දහයටත් අඩු සංඛ්‍යාවක් වෙයි.

කොවිඩ්-19 පරික්ෂණ වැඩිම සංඛ්‍යාවක් සිදුකර ඇති රටවන අමෙරිකාවේ අද (20) වන විට පරික්ෂණ තිස් අට ලක්ෂ හැට එක් දහස ඉක්ම වු සංඛ්‍යාවක් සිදුකර තිබේ.

‍මේ වන විට ලොව පුරා කොවිඩ්-19 වෛරස ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 24 ඉක්මවා ගොස් ඇති අතර මරණ සංඛ්‍යාව එක් ලක්ෂ 65, 004ක් ලෙසයි දැක්වෙයි.

Related posts

තුර්කියේ සුන්බුන් අතරින් බේරා ගැණුනු සිඟිත්තිය [PHOTOS]

Mohamed Dilsad

2021 නොබෙල් සාම ත්‍යාගය මාධ්‍යවේදින් දෙදෙනෙකුට හිමිවේ

Mohamed Dilsad

ඉන්දීය ක්ෂණික දික්කසාද ක්‍රමය තහනම් කෙරේ

Mohamed Dilsad

Leave a Comment