දේශීය

දුම්රිය ගමන් වාර 400 ක් ධාවනයට එක්කිරීමට සූදානම්

(UTV | කොළඹ) – හෙට සිය ඇතැම් දිස්ත්‍රික්ක වලට ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ පොදු ප්‍රවාහන කටයුතු ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි.

ඒ අනුව ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 5,000 ක් හෙට සිට ධාවනයට එක් කිරීමට නියමිත අතර , දුම්රිය ගමන් වාර 400ක් ද ආරම්භ කිරීමට නියමිතය.

දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු කියාසිටියේ දුම්රියවල ගමන් කරන මගීන්ට නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර ඇති බවයි.

දුම්රියකට ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු බැගින් යොදවන බව ද ඔහු සඳහන් කළේය.

Related posts

වැලිසර නාවික කඳවුර යළි විවෘත කිරීමට සුදානම්

Mohamed Dilsad

පාර්ලිමේන්තු කටයුතු ඇරඹේ

Mohamed Dilsad

ඇඳිරි නීති බලපත් නිකුත් කිරීම නව ක්‍රමවේද 04 කින්

Mohamed Dilsad

Leave a Comment