දේශීයප්‍රමුඛ පුවත 1

කොරෝනා වෛරසය පාලනය කිරීමට ගෙන ඇති පියවර තවදුරටත්

(UTV | කෝවිඩ් -19) – ඇඳිරි නීතිය ලිහිල් කිරීමට කටයුතු කළද කොවිඩ් – 19 වෛරසය පාලනය කිරීම සඳහා ගෙන ඇති පියවර ඊට සමගාමීව තවදුරටත් ක්‍රියාත්මක වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ කොරෝනා උවදුර මර්දනය කිරීම හා සමගාමීව රටේ ආර්ථිකය, රාජ්‍ය යාන්ත්‍රණය සහ පුද්ගල ආර්ථිකය නොකඩවා පවත්වාගෙන යාම යන කරුණු සළකා දැනට සති 4 ක කාලයක සිට දිවයින පුරා බල පැවැත්වුණු ඇඳිරි නීතිය වඩා ලිහිල් අයුරින් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කළ බවයි.

සෞඛ්‍ය බලධාරීන් විසින් සපයා ඇති උපදෙස් සහ රජය විසින් පනවා ඇති සීමාවන් නිසි ලෙස පිළිපදිමින් කොවිඩ් 19 අභියෝගය ජයග්‍රහණය කිරීමට සහය වන ලෙස ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් ද කළේය.

Related posts

ධානිෂ් අලීට ඇප

Mohamed Dilsad

ජනාධිපති සමාව ලැබූ සැකකරු අතුරුදන්…?

Editor O

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරුන් අද ජනපති හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment