දේශීය

රෝහල්වල ශල්‍යකර්ම සිදු නොකරන ලෙසට උපදෙස් දී නැහැ

(UTV | කෝවිඩ්-19)) – රෝහල්වල ශල්‍යකර්ම සිදු නොකරන ලෙස කිසිම විටක ‍චක්‍රලේඛ නිකුත් කර නොමැති බව සෞඛ්‍ය‍ ‍සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

‍රෝගී සත්කාර සේවා පවත්වා ගත යුතු ආකාරය පිළිබඳව උපදෙස් ලබා දෙමින් චක්‍රලේඛ නිකුත් කිරීම සිදු කරනු ලැබුවේ කොරෝනා වෛරසයේ ආරම්භක අවස්ථාවේ බවත් , අවශ්‍යතාව අනුව වරින් වර එම චක්‍රලේඛ යාවත්කාලීන කිරීමට කටයුතු යොදා තිබෙන බවත් ඒ මහතා අවධාරණය කරයි.

රෝහලක සාමාන්‍යයෙන් සිදු කරන ශල්‍යකර්ම නොකරන ලෙස කිසිම අවස්ථාවක චක්‍රලේඛ මඟින් දැනුම් දී නැතැයි ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ප්‍රකාශ කරයි.

යම් කිසි පාලනයක් සහිතව අදාළ රෝහල්වලට එම ශල්‍යකර්ම සිදු කළ හැකි බවද ඒ මහතා පෙන්වා දෙයි.

 

Related posts

කාත්තන්කුඩි ප්‍රදේශයේ ඉන්දීය ජාතිකයන් 11 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

සුවය ලැබූ නාවික හමුදා පුද්ගලයින් ගණන ඉහළට

Mohamed Dilsad

ලෝටස් වටරවුම සහ නිදහස් මාවත අවහිර වෙයි

Mohamed Dilsad

Leave a Comment