දේශීය

කොළඹ සිටි යාචකයින් 360 ක් රැඳවුම් මධ්‍යස්ථාන වෙත

(UTV | කෝවිඩ්-19) – කොළඹ නගර සීමාව තුළ සිටි යාචකයින් 360 දෙනෙකු ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසිමෙන් අනතුරුව අද (17) රැඳවුම් මධ්‍යස්ථාන කිහිපයක් වෙත රැගෙන ගියේය.

පසුගියදා හඳුනාගැනුණු කොරෝනා ආසාදිතයෙකු මෙම යාචකයින් සමඟ සබඳතා පවත්වා ඇතැයි යන සැකය මත මෙලෙස ඔවුන්ව රැගෙන යනු ලැබුවේය.

කෙසේ වෙතත් පොලිසිය මැදිහත්වි ඔවුන් සියලුදෙනා කොළඹින් පිටත රැඳවුම් මධ්‍යස්ථාන කිහිපයකට යොමු කිරිමට අද  කටයුතු කළේය.

ඒ අනුව ගුණසිංහපුර බස් නැවතුම්පළ පරිශ්‍රයේ රැඳි සිටි යාචකයින් සියලු දෙනා අද උදෑසන විෂබීජහරණය කළේය.

පොලිස් ජල ප්‍රහාරක රථ යොදා ගනිමින් මෙම සියලු යාචකයින්ට පිරිසිදු විමට අවස්ථාව ලබා දුන් පොලිසිය ඔවුන්ට අවශ්‍ය ඇඳුම් පැළඳුම් ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබා දිමෙන් අනතුරුව මොවුන් සියලුදෙනා ලියාපදිංචි කර රැඳවුම් මධ්‍යස්ථාන වෙත පිටත් කළේය.

Related posts

පාතාලය මර්දනය කිරීමට කළ යුතු දේ පොලීසිය කියයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් තුනෙන් එකක් දුප්පත් – ලෝක බැංකුව

Editor O

ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

Mohamed Dilsad

Leave a Comment