දේශීයව්‍යාපාරික

මහ බැංකුව අද සිට බැංකු අනුපාතිකය අඩු කරයි

(UTV | කොළඹ) – මහ බැංකුව අද (16) සිට ක්‍රියාත්මක වන පරිදි බැංකු අනුපාතිකය 15% සිට 10% දක්වා අඩු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර තිබේ.

ඒ ප්‍රතිපත්ති පොලී අනුපාත පහළ දැමීම සළකා බලමින්.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති නිවේදනය පහත දැක්වේ.

“ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2020 අප්‍රේල් මස 15 වැනි දින පැවැති රැස්වීමේ දී, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන ප්‍රතිපත්ති පොලී අනුපාතික වන නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), 2019 මැයි මස 31 වන දින සිට සමස්තයක් ලෙස  පදනම් අංක 200 බැගින් පහළ දැමීම සලකා බලමින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අනුපාතිකය පදනම් අංක +300 ක ආන්තිකයක් සහිත ව නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) හා අනුකූල ව ස්වයංක්‍රීය ව ගැළපීම සඳහා ඉඩ හැරීමට තීරණය කරන ලදී.

ඒ අනුව, 2020 අප්‍රේල් මස 16 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, හදිසි අවස්ථාවන්වලදී යොදා ගත හැකි පරිපාලනමය වශයෙන් තීරණය කරනු ලබන අනුපාතිකයක් වන බැංකු අනුපාතිකය, සියයට 15.00 සිට සියයට 10.00 ක් දක්වා පදනම් අංක 500කින් අඩු කර ඇත.”

Related posts

ගෙවීගිය ටයර් සහිත වාහන පරීක්ෂා කිරීමට අඛණ්ඩ මෙහෙයුමක්

Mohamed Dilsad

ජනපතිට සිංගප්පූරුවට ඇතුළුවීමට අවසර – එරට විදේශ අමාත්‍යංශය තහවුරු කරයි

Mohamed Dilsad

ජනාධිපතිවරණය ගැන තවත් පෙත්සමක්

Editor O

Leave a Comment