දේශීය

එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙරටින් ඉල්ලිමක් කරයි

(UTV | කොළඹ) – සෞඛ්‍යාරක්ෂිත ඇගළුම් සහ මුව ආවරණ නිෂ්පාදනය කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නියෝජිතයෙකු සහ ඇඟළුම් කර්මාන්තකරුවන් සමග අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය ඊයේ පැවැත්වූ සාකච්ඡාවකදී ය.

එම අවස්ථාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ වසා දමා ඇති ඇගළුම් කර්මාන්තශාලා විකල්ප නිෂ්පාදන සඳහා යොදාගන්නා ලෙසයි.

සෞඛ්‍යාරක්ෂිත ඇගළුම් සහ මුව ආවරණ මිලියනයක්, සතියකට ලබාදෙන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය එහිදී ඉල්ලීමක් කර තිබුණි.

ඒ අනුව මෙරට කර්මාන්තශාලාවල අදාළ නිෂ්පාදන නිපදවීමට ඇති හැකියාව සම්බන්ධයෙන් එහිදී ජනාධිපති කාර්ය සාධක බලකාය සහ ඇඟළුම් කර්මාන්තකරුවන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

Related posts

පාසල් විවෘත කිරීමට දින නියම කෙරේ

Mohamed Dilsad

දස වෙනි පාර්ලිමේන්තුව ඇරඹේ : කථානායක ධූරය අශෝක රංවල ට

Editor O

රාජ්‍ය සේවකයින්ගේ මැයි වැටුප සම්බන්ධයෙන් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment