දේශීය

රුපියල් මිලියන 12,025 කට වැඩි ප්‍රමාණයක ප්‍රතිලාභ ගෙවා අවසන්

(UTV | කොළඹ) – රජය මඟින් ලබා දෙන උපදෙස් වලට අනුව සමෘද්ධි ව්‍යාපාරය හා සම්බන්ධ වී කටයුතු කරනා අඩු අදායම්ලාභී පුද්ගලයින් වෙත රුපියල් 5,000 බැඟින් ලබා දෙන දීමනාවන් මේ වන විට ගෙවා අවසන් බවට වාර්තා වී ඇති බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරී මහතා සඳහන් කළේය.

ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා පොරොත්තු ලේඛන වලට ඇතුළත් වීමට බලාපොරොත්තුව සිටි පිරිසත් සමඟ 2,405,001 ක ප්‍රමාණයකට පෙරේදා (14) වන විට රුපියල් මිලියන 12,025 කට වඩා වැඩි ප්‍රමාණයක ප්‍රතිලාභ ගෙවා අවසන් බවත්, අප්‍රේල් මස ලැබීය යුතු සමෘද්ධි සහනාධාර මුදල් වශයෙන් රුපියල් මිලියන 3,400 ක පමණ ප්‍රතිලාභ ද ජනතාව වෙත ලබා දීමට කටයුතු කර ඇති බවත් ඔහු අවධාරණය කළේය.

පවත්නා තත්ත්වය හමුවේ වුව ද රජය මඟින් ගනු ලබන ඉදිරි වැඩපිළිවෙලවල් සඳහා ද තම දෙපාර්තමේන්තුවේ 25,000 ට වැඩි නිළධාරීන් ජාලය විසින් සහයෝගය ලබාදෙනු ලබන බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

 

Related posts

කොරෝනා වැළදුනු ශ්‍රී ලාංකිකයන් තිදෙනකු සිංගප්පූරුවේ

Mohamed Dilsad

ප්‍රමාණවත් පරිදි තෙල් ලැබුණහොත් විදුලි කප්පාදුවක් නැහැ

Mohamed Dilsad

කථානායකවරයාගෙන් විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment