දේශීයව්‍යාපාරික

එළවළු සහ පළතුරු මිලදි ගැනීමේ දෙවන අදියර අදින් ඇරඹේ

(UTV | කොළඹ) –  ගොවීන්ගෙන් එළවළු හා පළතුරු මිලදී ගැනිමේ වැඩසටහනේ දෙවන අධියර අදින් ආරම්භ වන අතර , අද සහ හෙට යන දිනයන් හීදි එය පැවැත්වෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

අදාළ වැඩසටහන අනුරාධපුර , බදුල්ල , රත්නපුර , හම්බන්තොට දිස්ත්‍රික්ක කේන්ද්‍රකර ගනිමින් ක්‍රියාත්මක වන අතර , අතරමැදියන්ගේ ග්‍රහණයෙන් තොරව සෘජුව ගොවියාවට ප්‍රතිලාභ හිමිවන පරිදි ජනාධිපති කාර්ය සාධන බලකායේ මැදිහත්වීමෙන් මෙය ක්‍රියාත්මක වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙම ක්‍රියාදාමය ඇඹිලිපිටිය , ලුණුගම්වෙහෙර , අම්බලන්තොට, අගුණකොලපැලැස්ස හා සූරියවැව යන ප්‍රදේශයන්වලට ද බලාත්මකව පවතියි.

Related posts

හෙද නිලධාරීන්ගේ අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා අඩු කිරීම ගැටළු සහගතයි… – රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය

Editor O

වැටුප් වැඩිවීමක් ඉල්ලා රට පුරා රාජ්‍ය සේවකයින් හෙට උද්ඝෝෂණයක

Mohamed Dilsad

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ගැන අලුත්ම තොරතුර මෙන්න

Editor O

Leave a Comment