දේශීයව්‍යාපාරික

පසුගිය ජනවාරියේ අහෝසි කරන ලද බදු කිහිපයක් යළිත්

(UTV | කොළඹ) – පසුගිය ජනවාරි මාසයේදී අහෝසි කරනු ලැබූ බදු කිහිපයක් නැවත හඳුන්වාදීමට රජය තීරණය කර තිබේ.

ඒ , නව කොරෝනා වෛරසය හමුවේ රටේ ආර්ථිකයට සිදුව ඇති බලපෑම් අවම කිරීමේ අරමුණින්.

මේ අනුව ජනවාරි පළමුවනදා සිට ඉවත් කරනු ලැබූ උපයනවිට ගෙවීමේ බද්ද අප්‍රේල් පළමුවනදා සිට උසස් පෞද්ගලික ආදායම් බද්ද ලෙස නව ක්‍රමයක් යටතේ හඳුන්වාදී ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කියා සිටියි.

මාසික ආදායම රුපියල් දෙලක්ෂ 50 දහසක අවම වැටුපක් හෝ වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 30 ක අවමයක් හිමි සේවකයන් ඊට අදාළ වනවා.

මේ අතර මාසික පොළී ආදායම රුපියල් දෙලක්ෂ 50 දහසක් හිමි තැන්පතු රඳවා ගැනීමේ බද්දට නැවතත් යටත් කිරීමට කටයුතු කර ඇත.

Related posts

මඩ පොහොර නොමිලේ කිලෝ 50 පොහොර මිටිය 1500කට

Mohamed Dilsad

නව කොරෝනා ආසාදිතයින් 285ක්

Mohamed Dilsad

වැඩි ඡන්ද 359000කින් අනුර ඉදිරියෙන්

Editor O

Leave a Comment