දේශීය

බන්ධනාගාර නිල හැඳුනුම්පත අවභාවිත කළ අයෙක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – බන්ධනාගාර නිල හැඳුනුම්පත අවභාවිත කළ පුද්ගලයෙකු සහ ඇඳිරිනීතිය කඩකල පුද්ගලයන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, කොටපොල – කොස්මෝදර – ගල්දොළ මාර්ග බාධකයේදියි.

පොලිසිය සඳහන් කළේ බන්ධනාගාර නිල හැඳුනුම්පත අවභාවිත කර ඇති සැකකරු බන්ධනාගාර නියාමකවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී 2015 වසරේදී වැඩ තහනමට ලක්ව ඇති අයෙක් බවයි.

මොහු දැනට කුලී රථ රියදුරකු ලෙස කටයුතු කරන අයෙකි.

ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්මලාන සිට දෙණියාය දක්වා ඇඳිරිනීතිය උල්ලංඝණය කරමින් තවත් පුද්ගලයෙක් හා කාන්තාවක් සමග මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදීයි.

සැකකරුවන් අද මොරවක මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

මහජන ආරක්‍ෂක ඇමැතිව අංගොඩ රෝහලට මාරු කරයි

Mohamed Dilsad

වෘත්තීය සමිති කිහිපයකට අධිකරණයෙන් නියෝගයක්

Mohamed Dilsad

රිෂාඩ්ගේ පෙත්සම් විභාගයෙන් තවත් විනිසුරුවරයෙක් ඉවත්වේ

Mohamed Dilsad

Leave a Comment