දේශීය

විශ්වවිද්‍යාල යළි විවෘත වන දින ප්‍රකාශ කෙරේ

(UTV |කොළඹ ) – විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසන ආකාරයට දැනට වසා දමා ඇති දිවයින පුරා විශ්ව විද්‍යාල කටයුතු ලබන 4 වනදා සිට ආරම්භ කිරීමට නියමිත වේ.

එදින සිට සරසවි කාර්ය මණ්ඩලය වෙනුවෙන් විශ්ව විද්‍යාල කටයුතු ආරම්භ කෙරෙනු ඇත.

අවසන් වසර සිසුන් වෙනුවෙන් පමණක් ලබන 11 වනදා සිට අධ්‍යයන කටයුතු ආරම්භ කෙරෙන බව කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා කියාසිටියේය.

එමෙන්ම ලබන 18 වනදා සිට සියලු වසරවල සිසුන් වෙනුවෙන් අධ්‍යයන කටයුතු ආරම්භ කෙරෙන බවද ඔහු සඳහන් කළේය.

නැවත විවෘත කිරීමට පෙර සියලු විශ්ව විද්‍යාල විශබීජහරණයට ලක්කිරීමට පියවර ගෙන ඇති බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා කියාසිටියේය.

Related posts

වාහන බදුවලින් භාණ්ඩාගාරය පිරී ඉතිරී යයි

Editor O

හිටපු ඇමති චන්ද්‍රානි බණ්ඩාරට අධිචෝදනා

Editor O

අයහපත් කාලගුණය හේතුවෙන් අත්හිටවූ උසස් පෙළ විභාගය පවත්වනවා ද නැත්ද තීරණය 29 වෙනිදා

Editor O

Leave a Comment