ගොසිප්

ඇදිරි නීතිය මේ මාසයෙන් අවසන්

(UTV |කොළඹ ) – රට තුළ කොරෝනා රෝග ව්‍යාප්තිය සැලකීමේදී දැනට ක්‍රියාත්මක වන ඇඳිරි නීතිය මේ මාසය තුළ අවසන් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

අද උදෑසන මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

ඇඳිරි නීතිය ඉවත් කිරීමට ප‍්‍රවේශ වීම සඳහා වන උපායමාර්ග සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවද ඔහු සඳහන් කළේය.

ඇදිරි නීතිය ඉවත් කිරීමෙන් පසු සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාමේදී ජනතාව වඩාත් සැලකිලිමත් විය යුතු අතර දුරස්ථභාවය උපරිමව රැකගැනීම අනිවාර්යයෙන් සිදුකළ යුතු බවත් ඔහු පැවසීය.

ශ්‍රී ‍ලංකාවාසී සියළු දෙනාටම කිසිදු බාධාවක් නොමැතිව අලුත් අවුරුදු සිරිත් විරිත් තම පවුල තුල ඒ ආකාරයෙන්ම සිදු කිරීමට කටයුතු කරන ලෙසත් ඒ මහතා ඉල්ලීමක් කළේය.

Related posts

ඇඳිරි නීතිය ගැන තීරණය අද PCR වාර්තාවල ප්‍රතිඵලවලින් පසුව

Mohamed Dilsad

සාරි ගලවන්න හදන ස්ටාලිං

Mohamed Dilsad

නිරෝධායන නීති කඩ කළ රංගන ශිල්පියෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment