දේශීය

වායු සමීකරණ ඇති ස්ථාන වල සිටීම අවධානම්

(UTV |කොළඹ ) – නව කොරෝනා වෛරසය පැතිරෙන ස්ථානයක් ලෙස  වායු සමීකරණය කළ පරිශ්‍ර හදුනා ගැනේ.

කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනාන්ද විජේවික‍්‍රම මහතා පවසන්නේ වායු සමීකරණය කෙරෙන කාමරයක් සැම විටම සංවෘත ස්ථානයක් නිසා වඩා පහසුවෙන් වෛරසය පැතිර යා හැකි බව හදුනාගෙන ඇති බවයි.

එහි විෂබීජ සංසණය වන ප්‍රමාණය වැඩිය.

එක් පුද්ගලයෙකු කිවිසුමක් හෝ කැස්ස විට ඔහුගේ කෙළ බිඳිති හිරු එළිය පවතින තැනකට වඩා වායු සමීකරණය කල ස්ථානයක එම වෛරසය වඩා වැඩි කාලයක් පවතිනු ඇත.

මේ නිසා මෙම දින වල රාජකාරී ස්ථාන වල පවා වායු සමීකරණ භාවිත කරනවාට වඩා ස්වාභාවික වාතාස‍්‍රයට සහ හිරු එළියට නිරාවරණය කිරීම වඩා ආරක්ෂිත බව වෛද්‍යවරු පවසති

වායූ සමීකරණය කරන ලද සුපිරි වෙළදසැල් හෝ වෙනත් ස්ථානවල වැඩි වේලාවක් ගත කිරීමද මේ අනුව අවධානම් සහිත විය හැකි බවද වෛද්‍යවරුන් පෙන්වා දෙයි.

ඒ අනුව එවැනි ස්ථාන හැකි පමණ මගහැර සිටීම සුදුසු බවද වෛද්‍යවරුන් පවසයි.

Related posts

වෑතර ප්‍රදේශයෙන් මාළු මිලදී ගත් පිරිස් ඇත්නම් සෞඛ්‍ය අංශ දැනුවත් කරන්න

Mohamed Dilsad

රට ලොක්ඩවුන් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් නැහැ

Mohamed Dilsad

පරිප්පු, සුදු සිනී ඇතුළු භාණ්ඩ කිහිපයක මිල අඩු වෙයි

Mohamed Dilsad

Leave a Comment