දේශීය

සවස් කාලයේ බොහෝ ප්‍රදේශ වලට ගිගුරුම් සහිත වැසි

(UTV |කොළඹ ) – ඉදිරි කාලයේ දිවයිනෝ බොහෝ ප්‍රදේශවල සවස් කාල‍‍යේ දී ප්‍රබල අකුණු සමඟ ගිඟුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ නිසා ගිඟුරුම් සහිත වැසි ඇති වෙන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසත් ජනතාවට දැනුම් දෙයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි.

අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවල උදෑසන කලායෙත් වැසි ඇති වේ.

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් නුවරඵළිය දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථානවල මිලිමීටර 75 පමණ තරමක තද වැසි ඇති වෙයි.

සබරගමුව හා මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පවතින බවද කාලගුණ අංශ දැනුම් දෙයි.

Related posts

කොරෝනා ආසාදිත තවත් බන්ධනාගාර රැඳවියන් 87ක්

Mohamed Dilsad

ඡන්දයට නිවාඩු දෙන පාසල් යළි පටන් ගන්න දිනය

Editor O

T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

Mohamed Dilsad

Leave a Comment