දේශීය

වන්දනාකරුවන් නැතත් ශ්‍රී පාදස්ථානයේ තේවාවන් සහ පුද සිරිත් අඛණ්ඩව

(UTV| කොළඹ) – පවතින තත්ත්වය හමුවේ වන්දනාකරුවන් නොමැති වුවත් ශ්‍රී පාද උඩමළුවේ දිනකට සිව් වතාවක් තේවාවන් සහ පුද සිරිත් පවත්වන බවත් , 2019-2020 ශ්‍රී පාද වන්දනා වාරය වෙසක් පොහෝ දිනයෙන් අවසන් කරන බවත් ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් සඳහන් කරයි.

පුර පසලොස්වක පොහෝ දිනයන් හි පෙර සිට සිදු කළ පරිදි විශේෂ පූජාවන් හයක් සිදු කරන බවද උන්වහන්සේ කියා සිටියහ.

ශ්‍රී පාද වන්දනාවාරය අවසන් වන තෙක්ම ශ්‍රී පාද උඩමළුවේ පැවැත්වෙන තේවාවන් සහ පුද පූජාවන් අතීතයේ සිට පවත්වාගෙන ආකාරයට සිදු කරන බවත්, වෙසක් පොහෝ දිනට පසු දින ශ්‍රී පාද උඩ මළුවේ තැන්පත් කර තිඛෙන සදාතුක කරඩුව , සමන් දේවප්‍රතිමාව සහ දේවාභරණ පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජමහ විහාරස්ථානය දක්වා වැඩමකරවන බවද ශ්‍රී පාදස්ථනාධිපති හිමියන් පැවසිය.

රට වැසියන් සියලු දෙනාම පාට පක්ෂ කුල භේද අමතක කර රට බේරා ගැනීමට සහයෝගය ලබා දිය යුතු බව ශ්‍රී පාදස්ථනාධිපති හිමියන් වැඩිදුරටත් කියා සිටියහ.

Related posts

මහින්ද රාජපක්ෂගේ වාහන ගැන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන් කරුණු නිවැරැදි නැහැ. – මහින්ද රාජපක්ෂ මාධ්‍ය ඒකකය

Editor O

මහජන සේවය හරියට නොකිරීමෙන් මහනුවර පොලිසියම මාරු කරයි

Mohamed Dilsad

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවත් වැසේ

Mohamed Dilsad

Leave a Comment