විදෙස්

ඉන්දියාව සම්බන්ධයෙන් විශේෂ තීරණයකට අගමැති මෝදි ජාතිය ඇමතීමට සූදානම්

(UTV | කොළඹ) – සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොරෝනා වෛරසය නිසා වසා දමා ඇති ඉන්දියාව යළි විවෘත කිරීමේ තීරණය දැනුම් දීම සඳහා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජාතිය ඇමතීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය අද (10) වාර්තා කළේය.

කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමේ අරමුණෙන් පසුගිය මාර්තු 25 වන දා සමස්ත ඉන්දියාවම වසා දැමීමට තීරණය කළ අතර , එය ලබන අඟහරුවාදා අවසන්වීමට නියමිතයි.

එම සීමාවන් තවදුරටත් දීර්ඝ කරන්නේ ද, නැත්නම් ඉවත් කරන්නේ ද යන්න පිළිබද තීරණය අගමැති මෝදි විසින් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.

Related posts

සිරියානු හමුදා කඳවුරු වෙත ඇමෙරිකානු ගුවන් ප්‍රහාර

Mohamed Dilsad

ලොව පුරා කොවිඩ් මරණ ගණන 8 ලක්‍ෂ 23 දහස ඉක්මවයි

Mohamed Dilsad

කොරෝනාවෙන් මිය යන සංඛ්‍යාව 2000 ආසන්න වේ

Mohamed Dilsad

Leave a Comment